Thursday 29 August 2019

මෙස්සි vs ඔල්මො 20

මෙස්සි vs ඔල්මො 20

🐕🐈🐕🐈🐕🐈🐕

මම - ඔල්මෝ මොකද ඔය ? උස මනිනවද. 🙄🙄

ඔල්මො - මං උසයි , මං උසයි , මෙස්සිට වඩා උසයි ! 🐶

මම - ඔවු ඉතින් ඔයා බල්ලෙක් එයා පූසෙක් ! දැන් ඔය මොනාද හොයන්නෙ ? 🤔🤔

ඔල්මො - මං මේ කන්න දෙයක් බලන්නෙ අනේ ! 🐶🐶

මම - ඔයාගෙ කෑම පිඟානෙ බිස්කට් තියනව 🙄

ඔල්මො - ඒව රහ නෑ අනේ
රසම රස , රස වෑහෙන වයර් කෑල්ලක් ? 🐶
හොඳට වැඩ දාපු සෙරෙප්පුවක් ? 🐶
ඔයාගෙ කොල්ලගෙ සෙල්ලම්බඩුවක් ? 🐶
හීනියට ලතාවට හප හප ඉන්න මේස් එකක් ? 🐶
සූප්පු කර කර හපන්න පුලුවන් ලී කෑල්ලක් ? 🐶

ඔය මුකුත්ම නැත්තම් මම මේ පුටුව කන්නද ? 🐶
කියන්න , කියන්න! මං මේක කන්නද ? කන්නද ? 🐶



No comments:

Post a Comment