Wednesday 28 August 2019

ආන්‍යා 01


.......ආන්‍යා......

ආදරයට ආදරය කල සුන්දර පැරිස් කුමරිය
01 කොටස 💜


ප්‍රකාශ් ඇයි මට මෙහෙම කරේ කියන එක තාමත් මට හිතා ගන්න බෑ... තමුන්ගේම මිස්ස්සු උනත් නොදන්නා මිනිස්සු ගොඩක් මැද්දේ නොදන්නා පරිසරයක මේ විදියට මාව අන්ත අසරණ කරන්න තරම් මගෙන් උන වැරද්ද මොකද්ද... මම ආදරේ කරපු එකද? මම ඔයාව විස්වාස කරපු එකද, එහෙමත් නැත්තං ඉපදුන හැදුන වැඩුන රට, අම්මා තාත්තා දාල ඔයා එක්ක ආපු එකද ප්‍රකාශ්.... මගේ හිත මටම කෑ ගහලා කියන්න පටන් ගත්තා... දහසක් බලාපොරොත්තු, දහසක් හීන... මේ හැමදේම බිඳිලා ඉවරයි... ආයෙත් මුලක ඉඳන් පටන් ගන්න හරි මට ජීවිතයක් තියනවද... ?.. 

තමුසෙ මොන මගුලක් කරනවද පාර මැද්දේ... පිස්සුද හැටිද... විකාරෙන්ද ඉන්නේ... තමුසෙට වඩා හොඳට පෝනි පාර පනිනවා...... රෙද්ද.... තව ඩිංගෙන් මං හිරේ... තමුසෙ එලොව... 

මං පියවි ලෝකෙට ආවේ බැන වැදීමත් එක්ක... දෙයියනේ... මං පාර මැද... වාහන පෝළිමට.... 

අනේ මට සමාවෙන්න... 

හරි හරි දැන්වත් පාරෙන් අයින් වෙනවා..  පොලිසියෙන් එනකල්ද ඉන්නේ... 
හැඩි දැඩි පිරිමි කටහඬින් තවත් අසරණ වුනු මම 

සමාවෙන්න.... කියමින් පාරේ අයිනට වුනා.. 

පැරීසියෙ ඉපදිලා හැදුන වැඩුන මට ඊයේ වෙනකල්ම මේ නුවරඑලියේ සීතල සීතලක් විදියට දැනුනේ නෑ.. ඒත් අද මේ පාළු මූසල නුවරඑලිය පැරිසියටත් වඩා සීතලයි.. ඊයෙ වනතුරු මට මේ ග්‍රෙගරි වැව පෙනුනේ සෙන් ගඟ වගේ... ඒත් සෙන් ගඟ මොන තරම් ලස්සනද...  

ආයෙත් වැස්ස... 

ආන්‍යා ඔයා දන්නවද.... යුරෝපෙ කාළගුණෙයි, නුවරඑලියෙ වැස්සයි, ඔයාගෙ තීරණයි ... තුනම එකවගේ... වෙනස් වෙන වෙලාව කියන්න අමාරුයි... 
ඇයි ඉතාලි ගෑණු... ඒත් එහෙම්මම තමා... 
හෝවු හෝවු... වැඩිය කෑ ගහන්න එපා.. අපි මේ ඉන්නේ පැරිස් නෙමේ වැනීස්... 

මගේ මතකය ආයෙම අතීතෙට.... මොන තරම් සතුටින් සැහැල්ලුවෙන් හිටියද.... එහෙම හිටිය ප්‍රකාශ් පැය විසිහතරෙන් වෙනස් වුනේ කොහොමද.. 

සමාවෙන්න මිස්... ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද.?
මේ වැස්සෙ තෙමි තෙමී ඉන්නේ ඇයි... ඔයා මෙහෙ කෙනෙක් නෙමෙයිද? ඔයා තනියමද ඉන්නේ... 

මහ ප්‍රශ්න වැස්සක්... පුරුදු කටහඬක්...

මේ ටිකකට කලින් මට බැන්න කෙනා නේද... ඉබේටම වගේ මට වට පිට බැලුනා.. මං හිතුවෙ ආපහු මම පාර මැද කියලා... 

දෙයියනේ මං හොඳටම තෙමිලා... 

මිස් මම අරෝශ්... ඔයාට මුකුත් කරදරයක්ද?...

මම ආන්‍යා... ඔවු පොඩි කරදරයක්... .. නෑ... කරදරයකින් නිදහස් වීමක්... නෑ නෑ.... කරදර පටන් ගැනීමක්..... අනේ සමාවෙන්න.... මගෙන් මුකුත් ඔයාට වරදක් වුනාද... 

මිස් ආන්‍යා... ඔයා ඉන්නේ හොඳ සිහියෙන් කියලා ඔයාට ශුවර්ද?

නෑනෙ... කියූ මට ඉබේටම හිනා ගියා.. 
ප්ලීස් මට මිස් කියන්න එපා... මට ආන්‍යා කීවම ඇති... 

මම අරෝශ්.. ආන්‍යා.. අමුතු නමක්... 

ඔවු... මගෙ අම්මයි තාත්තයි යාලු වෙලා තියෙන්නේ රශියා වලදි... මතකය සිහිවෙන්න මට රශියන් නමක් දාලා.... 

ආන්‍යා ඔයා කොහෙටද යන්නේ..  මං ගිහිං ඇරලවන්නද... 
හා අරෝශ්.. තෑන්ක්ස්... මම ලංකාව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.. මාව ග්‍රෑන්ඩ් හොටේල් එකට එක්ක යන්න ප්ලීස්

ඕකේ නගින්න.. අපි හිමින් කතා කරමු.. 

හෙලෝ අම්මේ.... 
මට අද එන්න වෙන්නෙ නෑ... හෙට එන්නම්
හරි.. හරි.... 
ගේන්නම් ගේන්නම්.... 
බුදු සරණයි.... 

සොරි.. අම්මා කතා කරා... අම්මට එනකොට දූරියං ගේන්නලු.. කඩුගන්නාව පහුවුනාම තියනවා ඕනි තරං.. කාල තියනවද... මාර රහයි.... 

නෑ.. මං කාලා නෑ.. මං හිමින් කීවා...
දරාගන්න බැරි සීතලක් ඇඟට දැනෙනවා... 
අරෝශ්... අනේ ප්ලීස් ඒසී එක ඕෆ් කරන්න, මට සීතලයි.. ...
ඒසී... ඔයාට ඇත්තටම පිස්සුද ආන්‍යා... මේ නුවරඑලියේ ඒසී දාන්න තරම් පිස්සුවක් මට නෑ...... 
දෙමලිච්චෙක් වගේ තෙමිල තෙමිල... 
හැටි විතරක්... හැබෑට ඔයාට පිස්සුද... 

අනේ සමාවෙන්න අරෝශ්... ඔයාගෙ වාහනේ මා නිසා තෙමිලා... 

ඔය ආයෙත් පිස්සු කියෝනවා... අනේ ඇත්තමයි ආන්‍යා ඔයාට නම් පිස්සු... 

වාහන තදබදය අස්සේ අරෝශ්ගෙ වාහනය එක තැන.. අස්සේ කවුදෝ කෙනෙක් වීදුරුවට තට්ටු කරා... 

ගොළු භාශාවෙන් මොනවදෝ කීව ඔහු වීදුරුවෙන් කොලයක් දුන්නා.. රිසිට් එකක් වගේ... අරෝශ් රුපියල් සීයක් දුන්නා ඔහුට... 
මොකද්ද මේ රිසිට් එක අරෝශ්... 
මා දිහා අමුතු විදියට බැලූ අරෝශ්...

අනේ මැඩම්.... සිංහල දන්නෙ නැද්ද.... මේක ආධාර පත්තරයක්... රිසිට් එකක් නෙමේ...

මට සිංහල ලියන්න කියවන්න බෑ අරෝශ්... සොරි... බිම බලාගෙන මම කීවා...

අනේ සොරි ආන්‍යා... මම බවක් දන්නෙ නෑනෙ... ... හරි.. ඔයා කීවනෙ ඔයා ලංකාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ කියලා... එතකොට ඔයා කොහෙද... කවුද... මෙහෙ මොකද කරන්නෙ....
ප්‍රශ්න වැස්සක්..... 

මම ඉපදුනේ පැරිස් වල.. හැදුනෙ වැඩුනෙ එහෙ.. මෙහෙ ආවෙ බෝය් ෆ්‍රෙන්ඩ් එක්ක.. ඊයෙ රෑ ප්‍රශ්නයක් වෙලා අද උදේ එයා මාව දාලා ගියා... 

මොකක්.....

ඔවු.. ඒක තමයි ඇත්ත... 

එතකොට ඔයා මීට කලින් ලංකාවට ඇවිත් නැද්ද.... 
ආවා 
දෙපාරක් ආවා..  අම්මලා එක්ක..

ඔයාගෙ නෑයෝ නැද්ද මෙහෙ... 
ලඟ නෑයො නම් නෑ.. ඒත් දුර නෑයො නම් ඉන්නවා.. ඒත් මම එයාල ඉන්න තැන් දන්නේ නෑ... 

ඔයා මහ පුදුම කෙල්ලෙක්... 
ඔන්න... හොටේල් එකට ආවා... ඔයාගෙ කන්ටෑක් නම්බර් එක දෙන්න පුලුවන්ද... 

පුලුවන්.. එන්න මොනා හරි බීල ඉමු... 
ශුවර්... යමු.. 

රිසෙප්ශන් එක ගාවට ගිය මම .....
මම රූම් නම්බර් 11 වල ඉන්නේ.. මිස්ටර් ප්‍රකාශ් ආවද
ඔවු මිස්.. අද දවස වෙනකල් තිබ්බ බිල් එක ගෙවලා... මිස් තව ටික කාලයක් මෙහෙ ඉදීවි කීවා.. මේ ලෙටර් එක දුන්නා මිස්ට ... 
ඕකේ තෑන්ක්ස්.... 
ලියුම ගත්තු මම යතුර අතේ ගුලි කරගත්තේ ඇස් නිලංකාර වෙනවත් එක්කම..... 

ආන්‍යා..... ඔයාට කොහොමද..... 
අරෝශ්... අනේ මට මොකද වුනේ...
ඔයාට සහලෝල උණ ළමයෝ... ඉක්මනින් ඇඳුම් මාරු කරගන්න.. අපි යමු ඩොක්ට කෙනෙක් ගාවට.......

මතු සම්බන්දයි.....

2 comments:

  1. ඉක්මනින්ම ඉතුරු ටික ඕනේ කෙල්ලෙ ...
    ලස්සනයි ...

    ReplyDelete