Thursday 29 August 2019

ආන්‍යා 14

..ආන්‍යා..

14. කොටස.. 


ඒක කරන්නම ඕනිද? 
අනේ ප්ලීස්.. මට බලන්න ඕනි.. 
ඒත් ආන්‍යා.. දැං ඔතන මීඩියා එක වටවෙලා ඇති.. උන් ඔතන කතා මවනවා... ඔයා ඔතන්ට ගිය ගමන් උන් කරන්නෙ ඔයාගෙ ෆොටෝ එක ගහල හෙට පත්තරේ මුල් පිටුවට දායි, ප්‍රංශ කොටි කත සිය පෙම්වතාගේ දේහය බැලීමට පැමිණේ කියලා.. 

මොකක්...? ප්‍රංශ කොටි කත... ?? 
ඔවු... ඕක තමා ලංකාවෙ මීඩියා එකේ තත්වෙ... 
හ්ම්ම්... ඒත්. අරෝශ් .. 
ඉන්නකො.. මං කාවිංගට කියල චාන්ස් එකක් ගන්න බලන්නම්.. 

අරෝශ්... මට මේක කියන්න.. ඔයාල මුල ඉදන්ම ප්‍රකාශ් ව දන්නවානං, ඇයි එදා කාවිංග ෆොටෝ එක දැක්ක ගමන් එවෙලෙ දැනගත්තා වගේ කළබල උනේ කියලා...?
ඔයා පෙන්නපු ෆොටෝ එක මතකද ඔයාට.. 
ඔවු.. මතකයි.. 
ඒකෙ ප්‍රකාශ් එක්ක හිටිය අනිත් කෙනාව ඔයා දන්නවද? 
ඔවු.. ඒ ප්‍රකාශ්ගෙ යාලුවෙක්. එයා ටැමිල් ගර්ල් කෙනෙක්. අපේ යුනිවර්සිටි එකේ.. 

එදා කාවිංග කලබල උනේ ප්‍රකාශ්ව දැකල නෙමේ..ඒ ගර්ල් ව දැකලා.. 
ඒ කීවෙ.. 
ඒ ගර්ල් ප්‍රකාශ්ගෙ යාලුවෙක් නෙමේ ආන්‍යා.. 
ඒ ගර්ල් තමා ප්‍රකාශ්ව හැන්ඩ්ල් කරේ එහෙ ඉදන්.. ඔයා හිතනවට වඩා මේ ප්‍රශ්න සංකීර්ණයි.. මේ වෙද්දි අපි එයාවත් ඇරෙස්ට් කරලා ඉවරයි. 

මයි ගෝඩ්.. 
මට මතකයි තමා කාවිංග පස්සෙ මට කෝල් කරලා විස්තර ඇහුවා.. මං කීවා එයා ගැන.. 

දැං මගේ බෑග්ස් අවුස්සලා ඔයාගෙ ඔෆිසර් මොනාද හොයාගෙන තියෙන්නේ.. ? 
අපෝ මූනෙ හැටි.. ඔරෝන කොට හරි ලස්සනයි.. හොයාගත්තෙ පාස්පෝට් එක. ටිකක් බුක් කරන්න. 

ඇත්තද.. මං හිතුවා මාත් ඔත්තු කාරියෙක් කියලා ඇරෙස්ට් කරන්න සාක්කි හෙවුවා කියලා... 
මරු ඔත්තුකාරි... පොඩ්ඩ බැරි උන ගමන් ෆේන්ට් වෙලා සහලෝල උණ ගන්නවා.. 

අරෝශ්. ඇත්තටම පේන් කිලර්ස් මුකුත් නැද්ද.. ඔලුව රිදෙනවා.. 
ඉන්න මං ගේන්නම්.. 

ආන්‍යා... ආන්‍යා... 
ඇයි.. මං මෙහේ.. 
මං ඒත් බැලුව කාමරේ ලයිට්ස් නිවලා ඇයි කියලා.. මොකද මේ මහ රෑ එලියෙ ඉඳන් කරන්නේ.. 
ඇයි මේ අඬලා.. ආන්‍යා.. මොකද මේ.. 

ඔයා කියන්න මට.. මේ තරම් දේවල් මට දරාගන්න පුලුවන්ද අරෝශ්.. ? 
මං හිත හදන් හිටියේ.. ප්‍රකාශ් වංචාකාරයෙක් කියලා.. තවත් මං එයා ගැන හිතන්නෙ නෑ කියලා.. ඒත්.. එයා මේ දේවල් කරේ එයාගෙ අසරණ කමට කියල දැනගත්තම, මේව කරේ එයාගෙ අම්ම තාත්ත, මාව බේරගන්න කියල දැනගත්තම... මට දරාගන්න බෑ අරෝශ්.. 

දැං හිත හදාගන්න බලන්න බබා.. අමාරුයි තමයි.. ඒත් තවත් හිතල වැඩක් නෑනෙ.. 

මට ප්‍රකාශ්ව බලන්න ඕනි. 
හරි.. ගිහිං ඇඳුමක් දාගන්න.. මං එක්ක යන්නම්.
මෙ මහ රෑ... 
ඔවු.. හෙට වෙද්දි බොඩි එක මෙහෙන් ගෙනියයි.. යන්න ලෑස්ති වෙන්න.. මං කාවිංගට කතා කරන්නම්.. 

හරිද.. 
යමු එහෙනම්.. 
තාමත් මීඩියා එකෙන් එතන ඉන්නවලුද.. ? 
නෑ උන් ගිහිං.. බය වෙන්න එපා.. 
හැබැයි ඔන්න අඬන්න බෑ.. 
.
.
 එන්න .. 
මචං.. කාවිංග මොකද තත්වෙ.?
ප්‍රකාශ්ගෙ පේරන්ට්ස් ල ඇවිත් ඉන්නවා.. 
හ්ම්ම්.. යමු.. 
කොහොමද ආන්‍යා.. 
ඉන්නවා... 
ඉන්න බව පේනවා... වැඩිය හිතන්න එපා.. හිත හදාගන්න බලන්න.. 
හ්ම්ම්ම්.. 
.
.
මිස්.. ඔයා ආන්‍යා නේද?
ඔවු.. මේ ප්‍රකාශ්ගෙ අම්ම නේද?
ඔවු මිස්.. අපේ එකාට සමාවෙන්ඩ.. ඌ හොන්ද්ද එකා.. අර රාස්සයො ඌව කෑව.. මරාගත්තා.. 
මං දන්නව අම්මා.. අඬන්න එපා.. 
මිස්ගෙ තාත්ත අපෙ ගේ බේරල දුන්නා.. ඒකට පිං.. ඒත් පුතා නැතුං මොන ගෙවල්ද අප්පා... අනේ ශාමී... කඩව්ලේ... මගෙ කොල්ලා... 
අඩන්න එපා.. කෑ ගහන්න ගියාම කරදරයිනෙ අනිත් අයට.. 
.
.
ආන්‍යා.. අපි යමුද.. 
හා.. යමු.. 
අම්මා.. මං යනවා.. ප්‍රකාශ් වෙනුවෙන් මං ඔයාලට ජීවත් වෙන්න සල්ලි එවන්නම්. එ එකවුන්ට් නම්බර්ස් මං ගාව තියනවා.. මං ගිහිං එන්නම්. මොනා හරි පනිවිඩයක් තියනවනම් මේ නොම්බරේට මේ මහත්තයට කියන්න. එයා බලාගනී.. මං යන්නම්.. 
හරි.. මිස්.. දෙයියෝ ඔයාව බලා ගනී.. 
.
.
අන්‍යා..
හ්ම්ම්. ඇයි.. 
මට පුදුමයි.. මං හිතුවෙ ඔයා බෙරිහං දිදී අඬයි කියලා.. 
ඇඬුවා කියල පණ එන්නෙ නෑනෙ අරෝශ්.. අනික මං ඇඬුවනං ඔයාටත් ඒක හොඳ නෑනෙ..  දුක නැතුව නෙමෙයි, ඒත් පහුගිය ටිකේම සිද්දවුනු දේවල් එක්ක අඬන්න කඳුලු නැතුවඇති ඇස් වල... 
හ්ම්ම්...
.
.
ආන්‍යා.. දැං පාන්දරත් වෙලා.. යන්න දැං නිදාගන්න.. හෙට අලුත් දවසක්... එහෙම හිතල දැං නිදාගන්න.. 

නෝනෙ... නැගිට්ටද.. ? 
තේක ගේන්නද කාමරේට.. 
එපා කමලා.. මං එන්නම්. කෝ මහත්තයා.. 
එලියට ගිහිං.. දැං ඒවි.. 
හ්ම්ම්..

ආ දුව.. දැං කොහොමද ඔලුවෙ කැක්කුම..
හොඳයි ආන්ටි.. 
එන්න වාඩිවෙන්න.. 
හ්ම්ම්.. 
දුව දැං ගියාම අපිව අමතක වේවි.. 
නෑ ආන්ටී.. කවදාවත් නෑ.. 
දුව මොනාද අපේ පුතා ගැන හිතන්නෙ.. ? 
එයාද... එයා නොම්බර එකේ රහස් පරීක්ශකයෙක්... මං එක්කම ඉඳන්.. මගෙ කොල්ලව ඇල්ලුවා අන්තිමට.. 
නෑ ඒ එයාගෙ රාජකාරියනෙ.. ඊට වඩා දෙයක්.. ? 
අනේ මංදා ආන්ටී.. එයා මාව බලාගෙන තියෙන්නෙ ප්‍රකාශ්ව අල්ලගන්න තිබ්බ හොඳම විදිය ඒක නිසා.. 
නෑ දුව.. මං හිතන්නෙ ඊට වඩා එයා ඔයා ගැන හිතනවා.. ඒකනෙ මෙහෙටම එක්ක ආවේ.. 
අනේ මංද ආන්ටී.. 
අන්න එනව... මොනා උස්සන් එනවද මන්දා බරට බරේ... 

ඇත්තට මොනාද මේ.. ?
පළතුරු.. 
කාටද? 
අපේ ගෙදරට ඇවිත් ඉන්න වෙජිටේරියන් කිරිල්ලිට.. 
අනේ යන්න..  මං කිරිල්ලියෙක් නෙමේ... ඔයාගෙ වැඩේ කරගන්න පාවිච්චි කරපු ඇමක්.. 
ආන්‍යා... මොනාද මේ කියන්නේ.. 
කියන්නෙ ඇත්ත... ඒක තමයි ඇත්ත... 

කොහෙද ඔය යන්නෙ..
නාන්න.. 
ඔලුවෙ කැක්කුම තියාගෙන.. ?. පිස්සුද? මැරෙන්නද ඕනි.. 
ඔවු.. ඔව්..ඔවු. 

පුතා.... යන්න දෙන්න..
ඒත් අම්මේ. නාන්න හොඳ නෑ.. 
ඔලුවෙ කැක්කුමට වඩා එයාට තියෙන්නෙ හිතේ කැක්කුම.. තේරුම් ගන්න.. 
ඒත් එයා හිතන විදියට මං එයාව ඇමට දැම්මෙ නෑ අම්මේ.. 
ඒත් ඔයා ප්‍රකාශ්ව ඇල්ලුවෙත් එයාගෙ මාර්ගෙන්මනේ දරුවෝ.. එයාට සංසුන් වෙන්න දෙන්න.. පස්සෙ තේරුම් කරල දෙන්න.. 
අම්මේ.. ඒත්... 
ඔය නෑව කියල එයා මැරෙන්නෑ.. නාල ආපුවම පැනඩෝල් දෙකක් දෙන්න... 
.
.
ආන්‍යා.. 
ඇයි.. 
මොකද මේ තරහිං.. 
ඊයෙ හිටියෙ මං විකාරෙන්.. ඒත් අද මං හොඳින්.. ඔයා මාව ඇමට දාල ප්‍රකාශ්ව ඇල්ලුවා.. අනේ මං වගෙ එළදෙනක්.. මං හිතුවෙ ඔයා තරම් හොඳ කෙනෙක් මේ ලෝකෙ වෙන නෑ කියලා.. මට අර ලියුම දෙන්න.. ප්ලීස්.. 

මං කිවනෙ මම ඒක දෙන්නෙ කොහෙදිද කියලා.. ඒක එතනදි දෙන්නම්. එකක් මතක තියාගන්න... මං ඔයාව ඇමට දාලා උන් ඔයාව ගිලිනකං හිටියෙ නෑ.. මට ඕනි උනේ ප්‍රකාශ්ව ඔයාට මුණ ගස්සල උගෙ කටින් ඔයාටම ඇත්ත කියවලා පස්සෙ ඇරෙස්ට් කරන්න.. මං එහෙම කරන්න් කලින් ඌ සයනයිඩ් කෑවා.. මට ඒකට කරන්න දෙයක් නෑ.. අනික එදා සුපර් මාකට් එකේදි ඔත්තුව දුන්නෙ මං නෙමෙයි.. උන්ව ෆලෝ කරපු වෙන ඔෆිසර් කෙනෙක්.. මගෙ ඉස්සරහට ආපු එකාව මං ඇරෙස්ට් නොකරපු එකට දැං මට විරුද්දව පරීක්ශනයක්.. මං ඇයි එහෙම කරේ.. ඇයි.... ඒ ඔයාට ආදරේ නිසා ආන්‍යා...  ඔවු.. ඔයාව මං දන්න නිසා. මං එහෙම කරානං ඔයාට ඒක දරාගන්න බැරි නිසා... ඔයාගෙ ඉස්සරහම මටත් තිබ්බ ඒක කරන්න. මං එහෙම කරානං ඔයා ඔය කියන කතාව හරි. ඒත් මං එහෙම කරේ නෑ.. 

අරෝශ්..අනේ... මට සමාවෙන්න.. 
මං හිතේ දුකට ඔහේ කියවන ඒවට මට සමාවෙන්න.. 

කමක් නෑ ආන්යා.. ඔයා මට බනින්න.. ඒක හොදයි.. එතකොට ඔයා ගියාම මට හිත හදාගන්න ලේසියි. මේ තියෙන්නෙ ඔයාගෙ ටිකට්.. අනිද්දා උදේ ෆ්ලයිට් එක.. 

අරෝශ්... 
අරෝශ්... අනේ ප්ලීස්... මට සමාවෙන්න..
තරහක් නෑ ආන්‍යා.. අනික ඔයා වරදක් කරේ නෑනේ.. 

මොකද්ද අර ඔයාට විරුද්ධව පරීක්ශනයක් කීව කතාව.. ?
ඔවු ආන්‍යා.. මං ප්‍රකාශ් ගැන දැනගෙන ඉන්ෆෝම් කරේ නෑ කියලා.. මගේ ඉස්සරහට ආව මිනිහට යන්න දුන්නා කියලා... 

අනේ... දැං මොකද වෙන්නේ එතකොට..?
වැඩිම උනොත් මාව ඉන්ටර්ඩික් කරයි..
මං නිසා ඔයාගෙ ජොබ් එක නැතිවුනොත් මං ඔයාව ෆ්‍රාන්ස් වලට ගන්නම්.  ඔයා එනවද?
බලමුකො... 

අරෝශ්.. ප්‍රකාශ් ගෙ බොඩි එකට මොකද කරන්නේ .
ඒක එයාගෙ පේරන්ට්ස් ලට බාරදෙයි.
ඒ ෆියුනරල් එකට මට යන්න බැරිද?
ඔයා ඕනිනම් යන්න, අර මං කියුව හෙඩ්  ලයින් එක හෙට වැටෙයි.එච්චරයි.. 

ඔයා මා එක්ක තරහින්.
නෑ.. එහෙම එකක් නෑ... 
ආන්‍යා, 
ඇයි.. 
ඔයාට පුලුවන්ද ප්‍රකාශ්ට ආදරේ කරා වගේ මටත් ආදරේ කරන්න... ?



No comments:

Post a Comment