Thursday 29 August 2019

ආන්‍යා 07

..ආන්‍යා..

ආදරයට ආදරය කල පැරිස් කුමරිය..
7 කොටස..


ඒ දේ සිද්ද වුනේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ අරෝශ්.. ප්‍රකාශුයි මමයි අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙන් හිටියේ.. මම ඔයාට කීවේ.. අපි වෙනම පදිංචියට ගියා කියලා.. අපි හරි සතුටින් ඒ ගෙදර හිටියේ.. කිසිම වෙනසක් තිබුනේ නෑ.. මම ගෙදරින් තරහා වෙලා එලියට බැස්සා වුනත් තාත්තා මගේ එකවුන්ට් එකට කලින්ටත් වඩා සල්ලි දැම්මා.. ඒ අපි ගත්තු ගේ කුලිය ගෙවන්නත් එක්ක. ඒත් තාත්තා මා එක්ක කතා කලේ නෑ.. ඒක මට දුකක් වුනත් ප්‍රකාශ් නිසා මම ඒ දේ ඉවසුවා.. අම්ම කතා කලා. අඩුපාඩු ඇහුවා.. ඒත් හැම වෙලේම කීවේ ආපහු ගෙදර එන්න කියලා.. 
දවසක් තාත්තා මට කතා කරා.. 
දෝණී.. ඔයා ඔයාගෙ අනාගතේ ගැන හරි තීරණයක් අරන්ද ඉන්නේ..
ඔවු තාත්තේ.. ඇයි.
ඒ කියන්නේ ඔයා ප්‍රකාශ්ව බඳිනවා එහෙමද..
ඔවු.. ඒත් දැන්ම නෙමෙයි.
එතකොට ඔයාගෙ ඩිග්‍රී එක.. අතාරින එක අපරාදයක්.
නෑ තාත්තේ.. මම බඳින්නේ ඩිග්‍රී එක ඉවර වුනාම.. නැත්තං කරදරයි..
මම ඔයාට වෛද්‍ය වරයෙක් විදියට උපදෙසක් දෙන්නම්.. දැන්ම දරුවො ගැන හිතන්න එපා.. ඔයා පුංචියි තාම.. ජීවිතේ අවුල් වේවි... 
ඔවු තාත්තේ.. ඔයා හරි.. 
ඔයාට වියදමට සල්ලි ඇතිද? ප්‍රකාශ් දෙනවද.. 
ප්‍රකාශ් ගෙන් මං සල්ලි ගන්නෙ නෑ තාත්තේ.. මගේ වියදම් වලට මං එකවුන්ට් එකෙන් ගන්නවා.. ගේ කුලිය ත් ගෙවනවා. එයා කන කෑම මට කන්න බෑ.. ඒව සැරයි.. මං වෙනම ගේනවා.. 
මට ඔයා ගැන දුකයි දෝණි.. තාමත් ඔයා පරක්කු නෑ.. ගෙදර එන්න.. 
මට බෑ තාත්තේ.. මං ප්‍රකාශ් ව බඳිනවා.. අපි නෙක්ස්ට් ඉයර් ලංකාවට යනවා.. 
එපා... 
ඇයි...
ලංකාව කියන්නේ ඔයාට නුහුරු රටක්.. යුරෝප් වගේ නෙමෙයි.. අනික ආරක්ශාව.. එහෙ යුද්ධෙ... 
ඉන්න නෙමේ.. ගිහිං එන්න.. 
මාසෙකට වඩා නම් ඉන්න එපා.. මගේ ප්‍රොපටීස් තියනවා එහෙ.. මම ලෝයර් ට කියන්නම්.. ඒවා පිළිවෙලක් කරන්න කියලා.. ඔයාට ඩුවෙල් සිටිසන් නැති නිසා ඒවා ඔයාට ඩිරෙක්ට් හැන්ඩ්ල් කරන්න බැරි වෙයි.. මම ලෝයර් ට කියන්නම් අදම ඒවා පිළිවෙලක් කරන්න කියලා.. ඔයා යන්න කලින් මට කියන්න.. 

මම තාත්තා කියපු දේවල් ගැන ප්‍රකාශ්ට කීවා.. 
ආන්‍යා.. මම දන්නේ නෑනෙ බබා ඔයාට ලංකාවෙත් ප්‍රොපටි තියන බව..
මම දන්නෙත් අද ප්‍රකාශ්
ඒව කොච්චර වටිනවද.. ?
අනේ මම ඕව දන්නේ නෑ.. ඒත් මට මතකයි ලොකු පොල් වත්තක් මැද ලොකුම ලොකු ගෙයක් තිබුනා.. තාත්තා කීවා ඒක අපේ කියලා.. ඒ ගේ මහ ගොඩක් කාමර තිබුනා.. ගෙයි මැද ගාඩ්න් එකකුත් තිබුනා..
ලංකාවෙ ගෙවල් එහෙම තමා බබා.. මෙහෙ වගේ කාමර දෙකේ තුනේ ගෙවල් අඩුයි.. 
ඔයාගෙ ගේත් එහෙනං ලොකු ඇතිනෙ ප්‍රකාශ්..
ගෙවල් ලොකු වුනාට පහසුකම් නෑනෙ.. අපි දුප්පත් මිනිස්සු ආන්‍යා.. 

කොහොමහරි ඊට පස්සේ කීප වතාවක්ම ප්‍රකාශ් මගෙන් ඒ ගැන ඇහුවා.. තාත්තගෙන් විස්තර අහන්න කියලත් කීවා.. 

ඉතිං ඔයා ඇහුවද ?
නෑ අරෝශ්.. මං ඒව ගැන ඇහුවේ නෑ.. ප්‍රකාශ් අහන බව කීවෙත් නෑ.. තාත්ත මට කතා කරේ අඩුවෙන්. ඒ කතා කරෙත් ස්ටඩි ගැන අහන්න.. සල්ලි ඇතිද තව ඕනිද අහන්න.. ඒ හැම කතාවක්ම ඉවර වුනේ ආපහු එන්න කියලා.. 
අම්ම නම් නිතරම කතා කරා.. ගෙදර එන්න කීවා.. ඒත් මං ගෙදරින් ආවට පස්සෙ ගෙදර ගියේම නෑ.. අම්ම තාත්තව වුනත් මුණ ගැහුනේ එලියෙදි.. ඒත් එයාල ප්‍රකාශ් එක්ක කතා කරන්න කැමති වුනේ නෑ.. අඩුම තරමේ මූණ බලන්නවත්.. 

ඒ ගැන ප්‍රකාශ් මොකද කීවේ..
අපේ අම්මල ගැන තරහින් ප්‍රකාශ් හිටියේ.. එයා බලාපොරොත්තු වුනේ තාත්තා ඉස්සෙල්ලම එයා එක්ක කතා කරාවි කියලා.. ඒත් තාත්තා ප්‍රකාශ්ව සත පහකටවත් ගනං නොගන්න බව තේරුනාම ප්‍රකාශ් තාත්තට වෛර කරන්න ගත්තා.. 

ආන්‍යා... මට නං පුදුමයි ඔයා ඩොක්ටගෙ දුවෙක් වෙච්ච එක
ඇයි..
නෑ.. එයාගෙ තියන මහන්තත්වෙ ඔයා ගාව නෑනේ..
එහෙම කියන්න එපා.. ඒ එයාගෙ හැටි. එයා අපිට වියදම් කරන එකම මදිද.. 
දෙමවුපියෝ දරුවන්ට කරන්න ඕනි. 
එහෙම නීතියක් මෙහෙ නෑ ප්‍රකාශ්.. අවුරුදු 18 පැන්නට පස්සෙ දරුවො දෙමාපියන්ට අයිති නෑ.. එයාල එයාලට ඕනි විදියට ජීවත් වෙනවා. තාත්තගෙ හිත මං මේ තරම් රිදවලත් තාත්තා මෙහෙම වියදම් කරන එක ගැන ඔයා සතුටු වෙන්න.. 
හා හා.. සතුටු වෙන්න බැරියෑ.. අර ප්‍රොපටිස් ගැන අහන්න.. අපි තව මාස තුනකින් ලංකාවට යමු. 
මට ඔය දේවල් ගැන අහන්න බෑ ප්‍රකාශ්.. ඒත් තාත්තා කීවා යන්න කලින් කියන්න කියලා.. 

ඉතිං ඔයා තාත්තට කීවද..
ඔවු අරෝශ් මම කීවා...  

තාත්තේ.. අපි තව මාස තුනකින් ලංකාවට යනවා. 
හරි.. මං ලෝයර්ට කියලා තියෙන්නේ. ඔයා ගිහිං මුණගැහෙන්න.. ඔයා නවතින හොටේල් එක කියන්න එයා ඒවි.. 
හා තාත්තේ
දෝණි.. ඔයා යන්නේ ප්‍රකාශ්ව බඳින්න නෙමේනෙ..
නෑ තාත්තේ.. මේක නිකං ටුවර් එකක්
ප්ලීස් මෝඩ වැඩ නම් තවත් කරන්න එපා දෝණි..
ප්‍රොමිස්.. මම මැරි කරන්නේ ඩිග්‍රි එකෙන් පස්සෙ.. 

ඊට පස්සෙ ඔයා මේ ගැන ප්‍රකාශ්ට කීවද..
ඔවු අරෝශ්.. මං කීවා.. ප්‍රකාශ්ට ඕනි කීවා ඒවයේ වටිනාකම දැනගන්න.. එයාට ලෝයර් එක්ක කතා කරන්න ඕනි කීවා.. 
ඒත් මම නම්බර් එකක් දන්නේ නෑ කීවා.. 
ඇයි ඔයාට මුකුත් සැකයක් හිතුනද.. 
නෑ.. ඒත් මං දුන්නේ නෑ.. හැබැයි මම ඒ ගැන ඇහුවා එයාගෙන්..

ඇයි ප්‍රකාශ් ඔයා ඔය ප්‍රොපටි ගැන අහන්නේ..
අහන්නේ දැනගන්න ළමයෝ.. ලංකාවෙ මිනිස්සු හරි කපටියි.. තාත්තා ලෝයර් ව විස්වාස කරාට කවුද දන්නේ මිනිහා ඔයාට බොරු කරාවිද කියලා.. අපි හරියටම දැනං හිටියම කාටවත් බෑනෙ අපිව රවට්ටන්න..
ඔයා කියන කතාව ඇත්ත වුනත් මම හිතන්නෙ නෑ ලෝයර් අපිට බොරු කරයි කියලා..
බලමුකෝ .. 

ඊට පස්සෙ මොකද උනේ.. ඔයාල මෙහෙට ආවා.. එහෙමද..
ඔවු.. එන්න කලින් දවසේ තාත්තා මට ඔක්කොම විස්තර දුන්නා.. මෙහෙ ආවට පස්සේ ලෝයර් අන්කල් ආව මාව මුණගැහෙන්න..
ඇවිත් කීවා තාත්තා එයාට කීවා කියලා මම අර කියපු පොල් වත්තයි ඒ ගේයි විකුනලා ඒ සල්ලි මට දෙන්න කීවා කියලා.. 
මට කෝටි පහක් දෙන්නම් කීවා.. තව ගොඩක් ප්‍රොපටීස් තියනවා ඒවා ගැන පස්සේ බලමු කීවා..
ඒකට මොනාද ප්‍රකාශ් කීවේ.. 
ප්‍රකාශ් ඒ වෙලේ හිටියේ නෑ.. පස්සේ එයා ආවම මම කීවා.. ඊට පස්සේ අපි දෙන්නා ලෝයර් ගාවට ගියා.. 

දුව දැං ඔයා මේ සල්ලි වලට මොකද කරන්නේ..
මේවා යූරො කරලා මම ගෙනියන්නම් අංකල්. එතකන් බෑන්ක් එකට දාමු..
ඒත් ඔයාට එකවුන්ට් එකක් නෑනෙ මෙහෙ. එහෙනම් ඔයාගෙ එහෙ එකවුන්ට් එකටම දාමු.
මගේ මෙහෙ වියදමට මේකෙන් තියාගෙන ඉතිරිය ප්‍රකාශ් ගෙ නමට දාමු.. එතකොට ඉතිරි වෙන ගාන අපිට යද්දි ගෙනියන්න පුලුවන්නේ..
බෑ දුව.. එහෙම බෑ.. එහෙනම් අපි මෙහෙම කරමු.. 

මතු සම්බන්ධයි



No comments:

Post a Comment