Thursday 29 August 2019

ආන්‍යා 13

..ආන්‍යා..

13 කොටස



රැවැට්ටුවේ...? 
ප්‍රකාශ් ඔයාව රැවැට්ටුවෙ නෑ ආන්‍යා.. ඒ අහිංසකයට ඒක එහෙම කරන්න උනා.. 
ඒ කියන්නේ..? 
ටෙරරිස්ට් ලට ඕනි උනේ සල්ලි. ඒකට උන් රට ඉන්න ටැමිල් කට්ටියව අල්ලනවා. ප්‍රකාශුත් එහෙම අල්ලගත්තු කෙනෙක්. 
ඒ කියන්නෙ, ප්‍රකාශ් මට මුල ඉඳන්ම කරේ බොරුව.. එහෙමද..? 

ඒක කියන්න මං දන්නෙ නෑ ආන්‍යා.. මොකද අපේ ඉන්ෆොමේශන් වල හැටියට ප්‍රකාශ් රට ගියාට පස්සෙයි උන් එයාව හසුරවන්න පටන් ගන්නේ, අනික මේ කියන රාධා කෙනෙක් ගැන අපේ ඉන්ෆොමේශන් වල නෑ.. ඒ නිසා මට ඒ ගැන අයිඩියා එකක් නෑ.. 
හ්ම්ම්.. එතකොට ඔයාගෙ ඉන්ෆොර්මේශන් වල හැටියට කොහොම තොරතුරුද තියෙන්නෙ..? 

අපි හොයාගත්තු දේවල් වල හැටියට ප්‍රකාශ්ව ෆ්‍රාන්ස් වලට ගෙන්නගත්තු ප්‍රකාශ්ගෙ මාම කොටි එක්ක කෙලින්ම සම්භන්ධයි. ඒත් මිනිහ ප්‍රකාශ්ව රටට ගද්දි වෙන බලාපොරොත්තුවක් තිබිල නෑ.. ඒත් ප්‍රකාශ් ගාව හොඳට සල්ලි ගැවසෙද්දි මිනිහ ප්‍රකාශ්වත් උගුලට අල්ලගත්තා.. 

ඒ කියන්නෙ.. 
ඒ මෙහෙමයි.. ඔයාගෙ තාත්තගෙ සල්ලි වලින් ප්‍රකාශ් එයාගෙ ගේ බේරගද්දි උන් හිතුවෙ දැන් ප්‍රකාශ්ට හොදට සල්ලි තියනව කියල. ඊට පස්සෙ ප්‍රකාශ්ගෙ අම්මලව මරනව කියල තර්ජනේ කර කර ප්‍රකාශ්ගෙන් සල්ලි ගත්තා.. 

පවු.. 
ඔවු ඇත්තටම පවු.. ගොඩක් ටැමිල් අය අහිංසකයි ආන්‍යා.. එයාලට ඕනි මේ රටේ අපි එක්ක සහයෝගෙන් ඉන්න.. ඒත් මේ කාලකන්නි කොටි ඒකට ඉඩක් දෙන්නෙ නෑ. 

ඒත් කොහොමද ඔයාල දන්නෙ ප්‍රකාශ් ලංකාවට එනව කියලා.. 
ඒ මෙහෙමයි. අපිට තොරතුරු ආවේ කොටි සාමාජිකයෙක් ෆ්‍රාන්ස් වල ඉඳන් එනවා කියල විතරයි. ඒ කෙනා එල් ටි ටී ඊ එකට සල්ලි දෙන කෙනෙක්ය, ඒ එන්නෙ එයා නමට කොළඹින් ගෙයක් ගන්නය කියලා විතරයි.. 

ඒ කියන්නේ..? 
ඒ මෙහෙමයි.. අපි හොයාගත්තු තොරතුරු වලට අනුව ප්‍රකාශ් ලංකාවට එන්නෙ දෙහිවලින් ගෙයක් ගන්න. රට ඉඳන් එන කෙනෙක් කොළඹින් ගෙයක් ගත්තට කවුරුත් සැක හිතන්නෙ නෑනෙ.. ඒත් ඒ ගේ ගන්නෙ ප්‍රකාශ් උනාට ගේ අයිති වෙන්නෙ කොටින්ට.. 

ඔයා කියන්නෙ ප්‍රකාශ් මේ තරම් ලොකු දෙයක් කරේ අම්මලව මරනව කී පලියට කියලද? 
නෑ ආන්යා.. උන් ඔච්චර ලොකු දේකට ඒ අහිංසකයව පොලඹවගත්තේ අර අහිංසක අම්මව‍යි, තාත්තවයි හිරකරගෙන. 
මොනවා... දැං කෝ ඒ මිනිස්සු.. 
මේ වෙද්දි එයාල ඉන්දියාවෙ. ප්‍රකාශ් ගේ අරන් දුන්න ගමන් උන් එයාලව ප්‍රකාශ්ට බාර දුන්න. ඒ එක්කම ප්‍රකාශ් උන්ටත් හොරෙන් අම්මලව ඉන්දියාවට යැවුවා.. 

ප්‍රකාශ්ට තිබ්බ මට මේව කියන්න.. 
එහෙම කීවනං උන් ඔයාල දෙන්නවම මරනවා.. ප්‍රකාශ් අම්මලව යැවුවට පස්සෙ උන් අල්ලගත්තෙ ඔයාව.. 

මාව.....???
ඔවු.. උන් කීව ඔයාව මරනවා උන්ට දිගටම උදවු නොකරොත් කියලා.. ප්‍රකාශ් ඔයාට තිබ්බ ආදරේ නිසයි ඔයාට ඉක්මනට රටින් පිටවෙන්න කියල ලියුමක් තියලා උන් ගාවට ගියේ.. 

ඉතිං ඇයි ප්‍රකාශ් සුවිසයිඩ් කරගත්තේ..?
එහෙම කරේ ඒ අහිංසකයට වෙන කරන්න දෙයක් නොතිබුන නිසා.. 
ඇයි...??
ඒක උන්ගෙ කැලෑ නීතිය ආන්‍යා.. ප්‍රකාශ් අපෙන් බේරුනා නං උන් දිගටම ප්‍රකාශ්ගෙන් උදවු ගන්නවා.. ඒත් ප්‍රකාශ් අපිට අහු වුනාට පස්සේ උන්ගෙ නීතිය අනුව සාමාජිකය මැරෙන්න ඕනි ඔත්තු නොදී.. 

මට තේරෙන්නෑ... 
කොටි සාමාජිකයෙක් අපිට අහු උනා කියන්නෙ අපි උන්ගෙන් තොරතුරු ගන්නවා කියන එකනේ.. ඒත්, මෙතනදි ප්‍රකාශ් ඔත්තු දුන්නොත් උන් පිස්සුවෙන් වගේ එලියෙ ඉන්න අයගෙන් පලි ගන්නවා.. ඒ නිසා අහුවුන කෙනාට මැරෙනව ඇර විකල්පයක් නෑ.. 
.
.
මහත්තයා... 
එලියෙ කෙනෙක් ඇවිත් ඉන්නවා.. ආන්‍ය මිස්ව හම්බවෙන්න.. 
මාව... කවුද?.
යමු බලන්න.
හෙලෝ..
හෙලෝ.. එන්න වාඩිවෙන්න.
ඔයා කවුද?
මම රාමන් ගෙ යලුවෙක්.
මිස්ටර් අරෝශ් දන්නවනෙ ප්‍රකාශ් ගියා.. 
ඔවු.. දන්නවා.. ඔයා මෙහෙ ආවෙ.. ??
මේ ලෙටර් එක ආන්‍යට දෙන්න. මේක ප්‍රකාශ්ගෙ අන්තිම ඉල්ලීම. එයා මැරුනොත් මේක ආන්‍යට දෙන්න කීවා.. එහෙම නැතුව එයා ජීවත්ව ඉද්දි ආන්‍ය ආපහු ගියොත් මේක පෝස්ට් කරන්න කීවා..

එතකොට මේක කවුද ඔයාට දුන්නේ..
මට දුන්නේ රාමන්.. රාමන් ට දුන්නෙ ප්‍රකාශ්.. ඒත් රාමන් ට මෙහෙට එන්න බෑ.. දන්නවනෙ.. එයා ආවොත් එයාට පනපිටින් ආපහු යන්න බෑ.. අනික එයාගෙ පවුලෙ අයට උන් ඉන්න දෙන්නෙත් නෑ.. මං ආවෙ ඒකයි.. මාව කවුරුත් දන්නෙ නෑ.. 

තෑන්ක්ස්.. 
ඔයාගෙ නම?.
මම ක්‍රිශාමනී.. එහෙනං මම ගිහිං එන්නම්.. 
ඉන්න මොනාහරි බීල යන්න.. 
බෑ මිස්.. මං යන්න ඕනි.. ඔයා පුලුවන් ඉක්මනට රටින් පිටවෙන්න.. ප්ලීස්.. 

බලමු.. 
බල බල ඉන්න එපා ඉක්මනට යන්න.. මං යන්නම්. 
මිස්ටර් අරෝශ්... මම නොකීවට ඔයා දන්නවා කරන්න ඕනි දේ.. මිස්ව ඉක්මනට යවන්න.. ප්ලීස්. 

ප්‍රකාශ් වෙන මොනාද කීවේ.. ?? 
ප්‍රකාශ් කියන්න ඕනි ඔක්කොම ඔය ලියුමෙ ලියල තියනව මිස්.. පුලුවන්නම් එයාට සමාව දෙන්න.. එයා ඔයාගෙ සල්ලි වංචා කරාට ආදරේට වංචා කරේ නෑ.. 
බායි මිස්.... 

අරෝශ්... 
හ්ම්ම්ම්... 
ඔය ලියුම දෙන්න. 
බෑ.. 
ප්ලීස්.... ඕක මගේ.. 
මම මේක දෙන්නෙ එයාපෝට් එකේදි.. ඔයා මේක කියවන්න ඕනිත් ෆ්ලයිට් එකේදී... 

ඇයි ඒ.... ? 
ඒක එහෙම තමයි... 

මට මේක කියන්න.. ඔයා සී අයි ඩී කියන්න මගේ පේරන්ට්ස් ලා දන්නවද? 
ඔවු.. ඒකනෙ ඔයාව මට අරං යන්න කීවෙ.. 

මගේ ඔලුව රිදෙනවා... මේ හැමදේම හීනයක් වගේ.. 
හිතන්න එපා... දැං ඔක්කොම හරිනෙ.. 
නොහිත කොහොමද අරෝශ්.. 

මට කියන්න.. ඔයා මට උදවු කරේ ඔයාහෙ ඩියුටිය ඒක නිසාද? කිසිම හිතවත් කමකට නෙමේද? 
හිතවත් කමක් නැත්තං මං ඔයාව මේ ගෙදරට ගේනවද ආන්‍යා.. ? 
බොරු.. අර මගේ බෑග්ස් ඇඳ්දේ... ඔයා තාමත් කියන්නෙ ඒවා ඇද්දේ කමලා චොක්ලට් හොයන්න කියලද?
නෑ.. ඒකනං කරේ මගෙ ඔෆිසර් කෙනෙක්..

ඒ කියන්නෙ ඔයා මාවත් සැක කරා.. ? 
නෑ.. සැක කරන්න දෙයක් නැති බව මං තේරුං ගත්තේ අර මුල්ම දවසේ මහ වැස්සෙ තෙමි තෙමී ඉන්නවා දැක්ක වෙලාවෙමයි.. 

හ්ම්ම්.. මං මෝඩයි.. 
ඇයි?
මට හිතන්න තිබ්බා.. බිස්නස් කාරයෙක් නං කීයටවත් තමුන්ගෙ බිස්නස් පාඩු කරන් මෙහෙම මට හෙල්ප් කරන්න එයිද කියලා... 
.
මොකෝ හිනාවෙන්නේ... ? 
නෑ.. මෝඩයි නං තමා ටිකක්.. 
හ්ම්ම්ම්... 

පුතාල කෑම කන්න එන්න.. දැං මදැයි කතා කරා... 
හරි අම්මේ... 

අරෝශ්..
ඇත්තටම ඔයා මට ටිකට් බුක් කරාද?
ඔවු.. ඒත් හෙට නෙමේ.. තව දවස් දෙකකින්.
මට ප්‍රකාශ්ගෙ බොඩි එක බලන්න පුලුවන්ද?



No comments:

Post a Comment