Monday 26 August 2019

මගෙ විතරමද ?

මගේ විතරමද?


දන්නවද? මට තියෙන්නෙ හුළඟටත් රිදෙන හිතක්, එකම එක වචනයකින් අඬවන්න පුළුවන් ඇස් දෙකක්... 
ඈ එහෙම කීවේ ඇත්තටම.. ඇත්තටම ඈට තිබුනෙ ජීවිතේ හුඟක් තැන් වලදි රිදවිච්ච හිතක්. අනුන්ගැන හිතන්න ගිහින් තෙත් වෙච්ච ඇස් දෙකක්. ඒවා ඔහු දන්නෑ. සමහරවිට ඔහුට ඒවයින් වැඩක් නැතුව ඇති. ඔහු හිටියෙ දේවදාර ගස් වලට එපිටහින් තිබ්බ ඕක් ගහක මුදුනේ ඇස් අලෝගෙන.. ඈ හිටියෙ ඔහුගෙ ඇස් අස්සෙ හැංගිගෙන.. 

ඇගේ වචන ඇහෙන මානෙක ඔහු නෑ. ඔහු ඉන්නෙ ව්‍යාපාරික ලෝකෙක. ඈ ගැන වගක් නෑ. වචනයක් ගානෙම තියෙන්නෙ අනාගතේ විතරයි. ඒවයෙ අහලකවත් ඈට ඉඩක් නෑ. බැරිම තැන ඈ දුරකතන තිරය දිගේ ඇස් යවනව.. ඒ කරන්න වෙන දෙයක් නැති කමට. 

මගේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වලට අනුව ඕක බෑ. ඒවා මහ නපුරු විධාන. එහෙනම් ඔහුට තිබ්බෙ ඇගේ ලෝකෙ ඉන්න. ඈට ආදරේ දෙන්න. ඒත් ඒ එකක්වත් ඈ වචන කරන්නෑ. මුකුත්ම නොකියන ඈ දුරකතනය දාගන්නව කලිසම් සාක්කුවට. ආපහු කතාව. එක දිගට නොනවත්වාම කතාව. ඒ වචන වල ඇය නෑ . ඒත් ඒ බව දැන දැනම ඈ නිහඬව ආදරේ දෙනව. 



කවදාවත් කාටවත්ම ඇහුන්කන් නොදුන් ඈ ඔහේ අහන් ඉන්නව. කාටවත්ම දෙවනි වෙන්න අකමැති ඈ ඔහුට එක වෙන්න දෙනව.  ඒ උණුහුමට තුරුල් වෙලා ඈ ඔහේ අහන් ඉන්නව. හිතේ තියෙන්නෙ ප්‍රශ්නම විතරමයි , එයා ඇත්තටම මට ආදරෙයි ද? ආදරේ බොරුවටද? මගේ විතරද ? මගේම විතරද ?  ඈට තිස්සෙම ප්‍රශ්න වද දෙනව.


No comments:

Post a Comment