Thursday 29 August 2019

ආන්‍යා 12

..ආන්‍යා..

12 කොටස



අඬන්න එපා... එහෙම කියන්න ඔයාට පුලුවන්ද ප්‍රකාශ්.. ඔයා ගියේ මට හිනාවෙන්න ඉඩ තියලද?. 

හරි ආන්‍යා.. ප්ලීස්.. මෙතන කතා කරන්න බෑනෙ. මං ඔයා ඉන්න තැනට එන්නම්. 
මං ඉන්නෙ හොටේල් එකේ නෙමෙයි.
මං දන්නවා. ඔයා ඉන්නෙ අරෝශ් ගෙ ගෙදර. 
කොහොමද දන්නෙ.?
ඒක වැඩක් නෑ.. පුලුවන්නං පොලිස් ඇන්ට්‍රිය අයින් කරන්න. ජීවත්ව හිටියොත් මං ඔයාට විස්තර කියන්නම්. 
මොකද්ද ඒ කතාවෙ තේරුම.
ඒක ඔයා ඉක්මනින්ම දැනගනීවි. ඔයා ආරක්ශිතයි. මට ඕනි උනේ ඔයා කරදරයක් නැතුව ආපහු යනව දකින්න. දැං ඔයාට කාටවත් කරදරයක් කරන්න බෑ.. ඒක ස්තිරයි. 
අනේ ප්‍රකාශ්.. මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ... 

ප්‍රකාශ්.. සුරුක වා... 

ආන්‍ය මං යනවා.. ජීවත්ව හිටියොත් මං එනවා.. 
ප්‍රකාශ්.... 
අරෝශ් සර්.. මං දන්නව දැනටම සර් පොලිසියට කියල ඇති, හරි කමක් නෑ... ආන්‍යව බලාගන්ඩ.. 

අනේ අරෝශ්... ප්‍රකාශ් කියපු කිසිම දෙයක් මට තේරුනේ නෑ.. 
හරි ආන්‍යා.. අපි දැං යමුකො.. 

අරෝශ්.... අනේ ප්‍රකාශ්ව පොලිසියෙන් ගෙනියනවා.. අනේ... 

ආන්‍යා... ප්ලීස් කන්ට්‍රෝල් යුවර් සෙල්ෆ්.. කෑ ගහන්න එපා.. 

ආන්‍යා අපි යමු.. 
අනේ යමු පොලිසියට.. 
මෙහෙම යන්න බෑනෙ. පොඩ්ඩක් ඉන්න.. අපි කාවිංගට කෝල් කරල ඉමුකො.. 

නෑ.. එපා.. ඔයා තමයි ප්‍රකාශ්ව පොලිසියට අල්ලල දුන්නෙ.. ඇයි ඒ.. ඇයි ඒ... 
පිස්සුද ආන්‍යා.. ඔයාම නේද ඇන්ට්‍රි එක දැම්මෙ..? 
නෑ.. ප්‍රකාශ් ඔයාව දන්නව.. ඒ කොහොමද.. අනේ දෙයියනේ.. 
ප්ලීස් ආන්‍යා.. කාර් එකට නගින්න. මිනිස්සු බලා ඉන්නව.. 

ප්ලීස් අඬන්නෙපා.. අපි යමු පොලිසියට.. 

හෙලෝ.. 
යස් මචං.. 
එහෙමද...???? 
ඕකේ.... 
හරි මං එන්නම්.. 
ඔවු.. කියන්න වෙනවනේ.... 
ඕකේ.. තෑන්ක්ස් මචං. 

ආන්‍යා.. අපි යමු පොලිසියට.. 
කවුද කතා කරේ.. ? 
කාවිංග.. 
ප්‍රකාශ් සුවිසයිඩ් කරගෙන. 
මොකක්..?
ඔවු.. එයා ත්‍රස්තවාදියෙක්...ඒත් අහිංසකයෙක්.. අපි යමු.. 

මේ වෙන දේවල් වල අගක් මුලක් නොතේරුනාට, ප්‍රකාශ් මාව දාල ගිය මොහොතෙ පටන් මා ගැන සෙවිල්ලෙන් ඉදල තියනවා. නැත්තං කොහොමද අරෝශ්ව දන්නෙ. මං ඉන්න  තැන් දන්නෙ... මේ දේවල් ගැන අරෝශ් දන්නව ඇති. ඔවු.. කවුද මේ අරෝශ්..???? 

මිස් 
ප්‍රකාශ්ගෙ බොඩි එක නං බලන්න බෑ.. මිස් කට උත්තරයක් දෙන්න. 
අරෝශ්...
හ්ම්ම්.. මං මොකටද කට උත්තර දෙන්නෙ..? ඔයාගෙම හොදට.. ඔයා අහන ප්‍රශ්න වලට දන්න දේ කියන්න.. 


ආන්‍යා.. 
ඇයි..? 
ඇයි ඔලුව අල්ලගෙන?
රිදෙනවා.. 
බෙහෙතක් ගමු. යං.. 
ගෙදර යමුකො.. 


නැගිටින්න.. ගෙදරට ආවා.. 
අනේ.. මට නින්ද ගිහිං දන්නෙම නැතුව.. 
යමු.. 

අරෝශ්..
ඇයි..
කවුරුහරි මගේ බෑග්ස් අවුස්සලා.. 
වෙන්න බෑනෙ.. මුකුත් අඩුද?
නෑ.. ඒත් අවුස්සලා.. 
ශුවර් ද? 
ඔවු.. 
කමල ද දන්නෙ නෑ.. රට චොකලට් හෙවුවද දන්නෑනෙ.. අඩු නැත්තං එච්චරයි.. 
හ්ම්ම්.. 

ආන්‍යා.. 
ඇයි.. 
හෙට හවස ඔයාගෙ ෆ්ලයිට් එක. යන්න ලෑස්ති වෙන්න.. 
මට බෑ.. ඔයා කොහොමද මට ටිකට් බුක් කරන්නෙ.. ? 
මං හිතුව.. ඔහොම අහන් මගෙ ඇගට කඩා පනී කියලා... 
කියන්න ... ඔයා කවුද? 
මං අරෝශ්.. 
නෑ... ඔයා මගෙන් හංගපු ඔයා කවුද? 
මම සී අයි ඩී එකේ ආන්‍යා.. 
වට්.....???? 
යස්.. මම සී අයි ඩී.. 
මම ඔය දෙන්නව ෆලෝ කරේ ඔයාල ලංකාවට බැහැපු වෙලේ ඉඳන්මයි.. 
අරෝ..ශ්..... ......
.
.
.

නැගිටින්න... 
මට මොකද උනේ...
ඔයා ෆේන්ට් උනා.. 
ඔයා සී අයි ඩී නං... මං මේ ඉන්නෙ කොහෙද..? අර ඔයාගෙ අම්ම .. ඒ කවුද? 

ඒ මගෙ අම්ම, මේ මගෙ ගෙදර.. ඔයා ඒ ගැන හිතන්න එපා... දැං පොඩ්ඩක් නිදා ගන්න.. ඔයාට දැනගන්න ඕනි දේවල් මං කියන්නම්..

අරෝශ්..
හ්ම්ම්..නැගිට්ටද?
හ්ම්ම්ම්.. මට කියනවද මේ දේවල් වල අග මුල.. ප්ලීස්.. 

හා.. වාඩිවෙන්න මෙහෙන්.. 
අරෝශ්.. ඔයා කීවනෙ.. අපිව ෆලෝ කරේ එයාපෝට් එකේ ඉදන් කියලා.. ඉතිං එහෙනං ඇයි එවෙලෙ ඇරෙස්ට් නොකරේ..? 
අපිට එකපාරටම කෙනෙක්ව ඇරෙස්ට් කරන්න බෑ ආන්‍යා.. අනික ප්‍රකාශ් කියන්නෙ අහිංසකයෙක්.. අපිට ඕනි උනේ ප්‍රකාශ්ව මෙහෙයවපු කෙනාව මිසක් ප්‍රකාශ්ව නෙමෙයි.. අනිත් කාරනාව ඔයා.. ප්‍රකාශ් එන්නෙ තනියම නෙමෙය්. ඔයත් එක්ක. ඔයා මේ රටට අයිති නැති කෙනෙක්. අපිට ඕනි උනා ඔයා කවුද කියන එක හරියටම දැනගන්න. මොකද ඔයා ෆ්‍රාන්ස් පාස්පෝට් තියන කෙනෙක්. අපි වැරදි ඩිශිශන් එකක් මත ඔයාවත් ඇරෙස්ට් කරොත් අපිට බ්ලේම් එක එන්නෙ ෆ්‍රාන්ස් ගවර්මන්ට් එකෙන්.. ඒ නිසා අපි ඔයා ගැන හෙවුවා.. ඒකයි ඇරෙස්ට් නොකරේ.. 

ඉතිං මොනාද හොයාගත්තේ... මං ගැන.. ?
ඔයා අහිංසක කෙල්ලෙක්., ප්‍රකාශ් ඔයාව යූස් කරේ එයාලගෙ ඉල්ලීම ඉශ්ට කරන්න සල්ලි ගන්න. 

ඒ කියන්නෙ ප්‍රකාශ් මට ආදරේ කරේ නෑ කියලද ඔයා කියන්නේ... 
නෑ ආන්‍යා.. ප්‍රකාශ් ඔයාට පණටත් වඩා ආදරේ කරා... 

එහෙනං රැවැට්ටුවේ.... ??



No comments:

Post a Comment