Thursday 29 August 2019

ආන්‍යා 09

...ආන්‍යා...

ආදරයට ආදරය කල සුන්දර පැරිස් කුමරිය.. 9 කොටස. 


දෝණි... අනේ අඬන්නෙ නැතුව කියන්න.. මොකද වුනේ... ඔයා හොඳින්ද? 
ඔවු තාත්තේ.. මං හොඳින්. 
එහෙනං අඬන්නේ ඇයි.. මොකද්ද රැවටුන කතාව.. කෝ දැං ප්‍රකාශ්.. 
ප්‍රකාශ්.. පොඩ්ඩකට එලියට ගියා තාත්තේ... ඔයා රැවටුනා නේද.. මං ඇඩුවේ බොරුවට.. මං හොඳින් තාත්තේ.. 
දුවෙක්ට බෑ තාත්තෙක්ට බොරු කරන්න.. මට ඇත්ත කියන්න. ඔයාගෙ කටහඬත් වෙනස්. 
අනේ නෑ තාත්තේ.. එහෙම දෙයක් නෑ. මේ ඩස්ට් එකටද කොහෙද මට පොඩ්ඩක් සනීප මදි ඒකයි.. 
නෑ දෝණි.. ඔයා ඉන්නෙ ප්‍රශ්නෙක. ඒක මට දැනෙනවා.. 
නෑ තාත්තේ.. එහෙම දෙයක් නෑ.. පොඩි ප්‍රශ්නයක් නං උනා මං තාත්තට මේල් එකක් දාන්නම්කො. 
ඔයාගෙ කැමැත්තක්.. කොහොමද ලංකාව... 
හොඳයි තාත්තේ.. ඒත් ටිකක් කළබලයි.
ප්‍රකාශ්ගෙ කට්ටිය බලන්නෙයි කියලා ජැෆ්නා එහෙම යන්න හදන්න නම් එපා.. 
නෑ තාත්තෙ අම්ම ඉන්නවද...
ආ.. ඉන්න දෙන්නම් ..... 

අම්ම එක්ක කතා කරාට පස්සෙ මට මං ගැනම තරහයි වගේ.. ඇයි මං මේ තරම් මෝඩ උනේ.. මං හිතුවට තාත්තට කියනවා කියලා මං කොහොමද කටක් ඇරලා මේ දේවල් කියන්නේ.. හොඳම දේ මේල් එකක් දාන එක . අරෝශ් කියනවා වගේ තවත් මේව හංගන් ඉඳලා වැඩක් නෑ.. 
හෙට  අරෝශ් එක්ක රාමන් මුණගැහෙන්න ඕනි. එයා මොනවාහරි දන්නවා ඇති. අඩුම තරමින් ප්‍රකාශ් ගෙ ගෙවල් හරි නොදන්නවා වෙන්න බෑ... 

ට්‍රීං.. ට්‍රීං... 
හෙලෝ....
මිස්... මිස්ට විසිටර් කෙනෙක්.. 
කවුද...
මිස්ටර් අරෝශ් කියලා කෙනෙක්.. 
ආ.. ඕකේ... මං පහලට එන්නම් කියන්න.. 
හරි මිස්.. 
තෑන්ක්ස්.. 

අරෝශ්.. ගුඩ් මෝනින්ග්..
ගුඩ් මෝර්නින්ග්.. අද නං මූණ ටිකක් එලිය වැටිලා.. තාත්තට කතා කරාද?
කතා කරා... ඒත් අරෝශ් මං කොහොමද මේවා කියන්නේ... ඒ නිසා මං තාත්තට සම්පූර්ණ විස්තරේම කියලා මේල් එකක් දැම්මා.. ඔයා මට උදවු කරන බවත් ලියුවා.. ඔයාගෙ කන්ටෑක් නම්බර් එකත් යැවුවා.. ඔයාට නොකියා ඔයාගෙ විස්තර කියපු එකටනම් මට සමාවෙන්න.. 
ඒකට කමක් නෑ ආන්‍යා.. ඒක හොඳයි. ඔයාගෙ තාත්තා එහෙමනම් මට කතා කරාවි. ඒක වඩාත් හොඳයි. මොකද ඔයාගෙ පන්ඩිත තීරණත් එක්ක මේ ගමන යන්න ගිහිං අමාරුවෙ වැටුනොත් මේ පැත්තක ඉන්න මාත් අමාරුවේ... 
අරෝශ්.... ඔයාට හිතෙනවානම් මට උදවු කරන්න ගිහිං ඔයා අමාරුවේ වැටේවි කියලා... ප්ලීස් ඔයා මට් හෙල්ප් කරන්න එපා.. මේ වනතුරු මා එක්ක හිටියට ඔයාට තෑන්ක්ස්.. 
අනේ නෑ ළමයෝ... මං එහෙම කීවෙ අපි කරන කියන දේවල් තව කෙනෙක් දැනං ඉන්න එක හොඳ නිසා.. 
දං අද මොකද කරන්නෙ අන්යා.. 

අපි යමු රාමන් මුණගැහෙන්න.. අඩුම තරමින් එයා දන්නවා ඇති ගේ තියන තැනවත්.. 
හොඳයි.. එහෙනම් යමු.. 

මේ හරියේ වෙන්න ඇති ඔය කියන ගෙවල්. අපි කාගෙන් හරි අහලා ඉමු.. 
අර යන කෙනාගෙන් අහමු. මේ හරියෙ කෙනෙක් වගේ.. 
එක්ස්කියුස්මී... අන්කල්.. මෙ හරියේ ඉන්නවද රාමන් බාලචන්ද්‍ර කියලා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්.. 
මේ ළමයි ඇයි එයාව හොයන්නේ.. 
නෑ එයාගෙ යාලුවෙන් ෆ්‍රාන්ස් ඉන්නවා..  මෙයා ඉගෙන ගන්නෙ එයා එක්ක. අපි ආවෙ ඒ ෆ්‍රාන්ස් ඉන්න යාලුවා දුන්න ගිෆ්ට් එකක් දෙන්න.. එඩ්‍රස් එක ලියාගත්තු කොලෙ මිස්ප්ලේස් වෙලා.. නැත්තං ඒකෙ ටෙලිෆෝන් නම්බර් එකත් තිබ්බා... 
ආ.. ඔය කියන්න යාලුවගෙ නම මොකද්ද.. 
ප්‍රකාශ්.. 
ආ... හරි හරි.. ඔය කියන ප්‍රකාශ් ෆ්‍රාන්ස් ගියා තමයි . ඔය ඔතනින් හැරුනම දෙවෙනි ගෙදර... හැබැයි ඉන්නවද නං දන්නෙ නෑ..
අනේ තැන්කියු අන්කල්.. අපි ගිහිං බලන්නම්.. 
අරෝශ්.. රාමන් ඉදීද ගෙදර..
බලමුකො ගිහිං.. ආ.. මේක වෙන්නැති ගෙදර... 

ආන්ටි.. රාමන් ඉන්නෙ මෙහෙද? 
ඔයාල කවුද? මොකටද එයාව හොයන්නේ.. කොහොමද අදුරන්නේ.. 
ආන්ටි මම ආන්‍යා.. ෆ්‍රාන්ස් වල ඉඳන් ආවේ.. රාමන් ගෙ යාලුවා ප්‍රකාශ් ව මැරි කරන්න ඉන්නෙ මම.. මං ආවෙ රාම්න් ව මුණගැහෙන්න.. පොඩි පණිවිඩේකට.. 
ඔයා ... ප්‍රකාශ්ව බඳින්න ඉන්නවා... මොන විහිලු කතාවක්ද ඒක... 
නෑ ආන්ටි.. ඒක විහිළුවක් නෙමෙයි.. ඉන්න මම අපි එහෙදි ගත්තු ෆොටෝ පෙන්නන්නම්... මේ බලන්න... 
මට ඔයා ගැන දුකයි දුව... ඔයා ඔය මැරි කරන්න හීන දකින ප්‍රකාශ්... එයා මැරි කරේ මීට අවුරුදු පහකට කලින්.. එයා කැම්පස් හිටියේ මගේ පුතත් එක්ක. එයා දුප්පත්..  ඒ නිසා මුලින් එයාගෙ එෆෙයාර් එකට ඒ ගර්ල් ගෙ පැත්තෙන් කැමති උනේ නෑ.. ඒත් එයා මෙඩිසින් සිලෙක්ට් උනාම රාධා ගෙ ගෙදරින් කැමති උනා.. පස්සෙ එයා රාධව මැරි කරන පොරොන්දුව පිට රාධගෙ පේරන්ට්ස්ලා කැමති උනා ප්‍රකාශට උදවු කරන්න. රාධ ප්‍රකාශ් එක්ක එන්ගේජ් උනා.. ඊට පස්සෙ ප්‍රකාශ්ට ඔක්කොම වියදම් කරේ රාධා.. පස්සෙ එයා එක පාරටම ෆ්‍රාන්ස් ගියා.. ඒ ඇයි කියන්න අපි කවුරුත් දන්නෙ නෑ... 

ආන්ටි ඔය කියන්නෙ ඇත්තද...
මං ඔයාට බොරු කියලා මොනා ගන්නද දුව. මං කියන්නෙ බොරු කියලා හිතෙනවානම් තව ටිකකින් රාමන් ඒවි.. එයාගෙන් අහගන්න... 
අපි රාමන්වත් මුණගැහිලම යන්නම් ආන්ටි... 
කමක් නෑ.. ඇතුලෙන් වාඩි වෙන්න. එන්න.. 
තෑන්ක්ස්.. 

අරෝශ්....
ම්ම්ම්..
මට කියල දෙනවද මේ වෙන්නෙ මොනාද කියලා... 
ආන්‍යා.. ප්ලීස් අඬන්න එපා.. 
නාඬ ඉන්න හැටි මට කියල දෙන්න... මං ඉන්නෙ මේ තරම් බොරු ගොඩක් දරාගන්න පුලුවන් මට්ටමක නෙමේ... 

මතු සම්බන්ධයි.

No comments:

Post a Comment