Saturday 24 August 2019

ඔල්මො vs මෙස්සි

මෙස්සි vs ඔල්මො  01
🐕🐈🐕🐈🐕🐈

මම - මෙස්සි ! ඔයා උදේ නැගිට්ට වෙලේ ඉදන් ඔය පඩියට වෙලා මොනාද කරන්නෙ ? 🙄

මෙස්සි - මම මේ බලාගෙන ඉන්නෙ අර සමයං බලු පැටියා මේ පැත්තට එනවද කියල , මගෙ කෑම එක කනවා ! ඒක නෙමෙයි , ඔයාල ඌට කන්න දෙන්නැද්ද ? කොයි වෙලේ බැලුවත් මොකක් හරි හපාගත්ත ගමන් , එක්කො සෙරෙප්පුවක් , එක්කො සපත්තුවක් , නැත්තං පුටු කකුලක් හරි මේස කකුලක් ! ඌට පිස්සුද ? 😾😾

මම - මෙස්සි , හරියට කතා කරන්න ඉගෙනගන්න ! ඔල්මොට පාඩුවෙ ඉන්න දෙන්න , එයා තාම මාස දෙකක බබෙක් ! අනික එයා මෙහෙට ඇවිත් තාම දවසයි. කෝ ඔතනින් අහක් වෙන්න මට පහලට යන්න . 😕😕

මෙස්සි - මට බෑහ්හ් ! මේක මගෙ ගෙදර , ඔයාට ඕන්නං ඕන දේවාලෙකිං පහලට යන්න , මං මෙතනින් අහක් වෙන්නෑ. කොල්ලො මදිවට බල්ලෝ
මේ ඒක නෙමෙයි මම මෙතනින් අයින් වුනොත් ඔයා මට කිරි එකක් හදා දෙනවද ? 😻😻

මම - මට බෑහ්හ් ! ඕන්නං හදාගෙන බොන්න , මං උඩටම වෙලා ඉන්නවඔයා ඔතන මුර කරගෙන ඉන්න ! 😋😋

No comments:

Post a Comment