...ආන්‍යා...
ආදරයට ආදරය කල පැරිස් කුමරිය...5 කොටස...
ගහන්න.... නැහිට්ටෙ ගහන්නනෙ ගහන්න තාත්තේ... හැබැයි.. ඔයාගෙ මේ කෑගැහිලි, තර්ජන වලට මම බය නෑ.. මට ඕනි කෙනෙකුට ආදරේ කරන්න.. මට ඕනි කෙනෙක් එක්ක ජීවත් වෙන්න මට අයිතියක් තියෙන්න ඕනි..
ආන්‍යා.... වහගන්නවා හොඳ හිතිං ඔය කට... ඔයාට ඕනි දේ කරගන්න මේ වහල යටින් එලියට ගිහින්.. ඔයාට මේ තරම් සැප දීල හැදුවෙ හතුරෙක් එක්ක යන්න ඇරලා බලා ඉන්න නෙමෙයි...
හතුරෙක්... ? ප්‍රකාශ් කොහොමද එක පාරටම හතුරෙක් වුනේ.. අනේ යන්න තාත්තෙ විකාර නොකියා...
දුව යන්න ඔයා කාමරේට.. දැං ඇති ඔය තාත්තයි දුවයි කෑ ගහගත්තා... මේ දේවල් පස්සෙ අපි හිමීට කතා කරලා විසඳගමු..
අම්මේ.. ඔයාවත් තාත්තට තේරුම් කරල දෙන්න.. එයා ඔය කියන ජාති වාදෙ තේරුම මොකද්ද..
හරි... දැං ඔයා යන්න කාමරේට.. ප්ලීස්.. වටපිටාවටත් ඇහෙනවා මේ සද්දේ..
අපි හැමදාමත් එකම කාරනෙට රංඩු උනා අරෝශ්.. පංසලක් වගේ සාමකාමීව තිබුන අපේ ගෙදර මගේ රංඩු වලින් අපායක් වගේ වුනා... මම අම්ම තාත්තගෙ හිත් පොඩි කරල පොඩි කරල දැම්ම අරෝශ් ..
ඉතිං ඔයාට පවු කියලා හිතුනෙ නැද්ද ආන්‍යා...
නෑ.. මම හිටියෙ පිස්සුවෙන් වගේ.. මටම නොතේරෙන තරමට මං නපුරු උනා අරෝශ්..
ප්‍රකාශ් මොකද කීවෙ මේ ගැන..
එයා මුකුත්ම කීවෙ නෑ.. මට කැමති දෙයක් කරන්න කීවා..
තාත්ත ප්‍රකාශ් ට බැන්නෙ නැද්ද ආන්‍යා..
නෑ..තාත්ත කෑ ගැහුවෙ මට විතරයි.. ප්‍රකාශ් ට අද වෙනතුරු එක වචනයක්වත් කියලා නෑ..
මගේ තාත්ත හරි පුදුම අදහස් තියෙන මනුස්සයෙක්..
අම්ම ඒත් තාත්තට කියලා තිබුනා ප්‍රකාශ් එක්ක කතා කරන්න කියලා..
ඒත් තාත්තා ඒ හැම වෙලාවකම කියලා තිබුනේ අපි අපේ එකී හදාගන්නවා මිසක් රටේ ලෝකෙ දරුවො අපිට හදන්න බෑ කියලා..
තාත්තා මගේ මූණ නොබලන තත්වයක් වෙනකල් ගෙදර රංඩු ගලාගෙන ගියා අරෝශ්.. ඒකෙ අන්තිම ප්‍රතිපලය වුනේ මම සම්බන්ධය නතර කරනවා වෙනුවට ප්‍රකාශ් එක්ක වෙනම පදිංචියට ගිය එක...
ඒ කියන්නෙ ඔයාල බැන්දද.. ?
අනේ නෑ.. එක ගෙදරක ජීවත් වෙන්න බදින්නම ඕනිද අරෝශ්.. මට පුදුමයි ඔයාල හිතන විදිය..
නෑ ආන්‍යා... ඒක ඔයා ජීවත් උන පරිසරයට සාධාරන වුනාට අපේ සංස්කෘතියට ඒක ගැළපෙන්නේ නෑ..
හ්ම්ම්... අපේ අම්ම තාත්තත් ඕකම කිය කියා මට බැන්නා.... ඒත් මම නොදන්න සංස්කෘතියක සාරධර්ම මට තේරුම් ගන්නෙ කොහොමද අරෝශ් .. ඒක එහෙම වුනේ දෙමාපියන්ගේ වරදින් මිස මගේ වරදකින් නෙමෙයි.. එයාල බලාපොරොත්තු වුනේ ලාංකික සාම්ප්‍රදායික කෙල්ලෙක් නම්, ඇයි එයාල මාව යුරෝප් විදියට හැදුවේ... යුරෝපෙ ජීවත් වෙන ගොඩක් දෙමාපියන්ට වෙන්නෙ ඕක...
ඕකෙන් මිදෙන්න කියලා එහෙ ඉපදෙන ළමයින්ව ලංකාවට ගෙනත් මෙහෙ ඉස්කෝල වලට දානවා.. ඒකෙන් වෙන්නෙ දෙමවුපියන්ගේ වෙන් වීමත් එක්ක ළමයි තවත් අසරණ වෙන එක... ඔය යථාර්තෙන් මිදෙන්න අමාරුයි අරෝශ්...
ගුඩ් මෝර්නින්ග් අරෝශ්... අනේ වෙරි සොරි. ඔයා ඊයේ කීයටද නිදා ගන්න ගියේ..
ඒකට කමක් නෑ ආන්‍යා.. කතා කර කර ඉද්දි දන්නෙම නැතිව ඔයාට නින්ද ගිහිං තිබුනා.. ඒ නිසා මම ඔයාට නිදාගන්න ඇරලා ආවා.. දැං කොහොමද ඔයාට.. බෙහෙත් බීවද..
දැං නං ටිකක් හොදයි අරෝශ්.. තෑන්ක්ස්.. මොනාහරි කාලම බෙහෙත් බොනවා.. ඉන්න මම වොශ් එකක් දාගෙන පහලට එන්නම්.
හරි.. මම කන්න මොනාහරි ඕඩර් කරන්නම්.
ඕකේ.. තෑන්ක්ස්..
ඔයා මේ උදේ පාන්දර නෑවද ආන්‍යා...
ඔවු.. ඇයි... උදේම නෑවම ඇඟට ෆිට් .
ඇත්තද... ලෙඩටත් මාර ෆිට්... ඇත්තටම ඔයාට ටිකක් පිස්සු...
හරි හරි.. ඔන්න ඕක අල්ලලා දාන්න අනේ..
හැමදාම උදේ පාන්දර නාන්න එපා බබා.. ඔයා අසනීප වෙයි. අනික ඔයා රෑ තිස්සෙත් පැයක් විතර වොශ් දානවනේ...
ඒකනෙ ප්‍රකාශ් මම මේ තරම් ලස්සන...
ආ.. ඇත්තද... එහෙනං මාත් අද ඉදං බාත් රූම් එකේම ඉන්න ඕනි..
එතකොට මාත් ඔයා වගේ සුදු වෙයි...
අපෝ එපා... මොකද මං ආස කළු කොල්ලන්ට..
මොනාද ආන්‍යා ඔයා ඔය තරම් කල්පනා කරන්නේ.. ඔය තේ එක බොන්න.. ඕක නිවෙනවා..
නෑ මට ප්‍රකාශ් ව මතක් වුනා අරෝශ්..
හ්ම්ම්... ඔයා දැං මොනාද කරන්න හිතන් ඉන්නේ..
මට තව මාස දෙකහමාරක් මෙහෙ ඉන්න පුලුවන් අරෝශ්.. මොකද මගෙ වීස එක වැලීඩ් මාස තුනයි.. ඔයාට පුලුවන්ද මට ජැෆ්නා යන්න හෙල්ප් කරන්න..
සොරි ආන්‍යා... මට ඒ උදවුව නම් කරන්න බෑ.. ඔයාට ඕනි නම් මම මේ මාස දෙකහමාරම ඔයා එක්ක ලංකාවෙ අනිත් තැන් වල ඇවිදින්නම්..
කමක් නෑ අරෝශ්. මට කියන්නකො ජැෆ්නා වලට යන්න පර්මිශන් ගන්න ඕනි කොහෙන්ද කියලා..
මම හිතන්නේ ඔයා කොළඹින් අවසර ගන්න වෙයි.. ඒත් ඔයා කොහොමද හරියටම විස්වාසෙන් කියන්නෙ ප්‍රකාශ් ජැෆ්න ගියාමයි කියලා.. එයා කොලඹ ඉන්නවා වෙන්න බැරිද.. ?
ඔවු සමහරවිට... වැල්ලවත්ත තියෙන්නෙ කොහෙද අරෝශ්...
කොළඹ.. ඇයි.. ?
නෑ.. දවසක් ප්‍රකාශ් එයාගෙ යාලුවෙක් ගැන කීවා.. ඒ යාළුවා වැල්ලවත්තේ.
යාළුවගෙ එඩ්‍රස් එකක් දන්නවද.. ?
නෑ... ඉන්නකො පොඩ්ඩක්.....
මේ... මේ ෆොටෝ එක බලන්නකෝ... මේ තැන ඔයා දන්නවද.. ?
ඔවු මේ කෝවිල.. ඔයා ගිහිං තියනවද.. ?
නෑ.. ගිහිං නෑ.. ඒත් ප්‍රකාශ් ගෙ යාලුවගෙ ගෙවල් තියෙන්නේ මේ කෝවිල ලඟ..
මේ ෆොටෝ එක තිබ්බේ ප්‍රකාශ් ගෙ ෆෝන් එකේ.. මේක ලස්සන නිසා මම ශෙයාර් කරගත්තේ.. ඒ වෙලේ ප්‍රකාශ් කීවා මේ කෝවිල කිට්ටුව එයාගෙ යාළුවෙක් ඉන්නවා දවසක යමු කියලා..
හ්ම්ම්... නම දන්නවද?
රාමන් බාලචන්ද්‍ර , කැම්පස් එකේ යාලුවෙක් කීවා..
අපි බලමු.. තොරතුරක් ගන්න පුලුවන් වෙයි..
ඔයා එතකොට අද මෙහෙන් යනවද ආන්‍යා..
ඔවු අරෝශ්.. මම කොළඹ යනවා..
මාත් එක්ක යමු.. මම ඔයාව එක්ක යන්නම්.. කොහෙද ගිහින් නතරවෙන්නේ..
මවුන්ට් ලැවීනියා විතරයි මම දන්නේ.. මෙහෙට එන්න කලින් හිටියේ එහේ..
හරි අපි යමු.. මම ගිහිං අරින්නම්.
තෑන්ක්ස් අරෝශ්.. ඒත් ඔයාට කරදරයක් නම් මම ටැක්සි එකක යන්නම්..
නෑ ආන්‍යා.. මම කොහොමත් දැං කොළඹ යනවනේ..
මේ කොහෙද අරෝශ්.. ?
මේ ගම්පොළ..
තව ටිකකින් නුවර... ඔයා කැමතිනම් අපි යමු දළදා වඳින්න..
අනේ යමු... මං ආසයි... පොඩි කාලෙ ලංකාවට ආපු දවසක ගියා... මට මතකයි.
හැබැයි.. ඔහොමනම් යන්න බෑ..
ඇයි..
ළමයෝ.. කකුල් දෙක එලියෙ දමාගෙන පන්සල් යන්නේ නෑ... අපි මගින් ඇඳුම් ගමු..
හා... කොහොම ඇඳුම්ද ගන්න ඕනි.
යමුකො ගිහිං බලමු..
අරෝශ්... නවත්තන්න... ඉක්මනට...
ඇයි ඇයි... මොකද...
ප්‍රකාශ්.... ඔවු... ඒ ප්‍රකාශ්....
කෝ.... කොහෙද... ?
No comments:
Post a Comment