Saturday 31 August 2019

මෙස්සි vs ඔල්මො 21

මෙස්සි vs ඔල්මො 21 

🐕🐈🐕🐈🐕🐈

මම - මොනාද ඔල්මො බෙල්ල දික්කරං බලන්නෙ ? 🤔

ඔල්මො - ඔයා මගේ ලොලිපොප් එක ගත්තා නේද

මම - කී පාරක් කීවද ? ඒක කොස්සක් මිසක් ලොලිපොප් එකක් නෙමෙයි ! 😡😡

ඔල්මො - ඔයාට පිස්සු , ඒක මගෙ ලොලිපොප් එක , ඔයා ඒක හංගගත්තා නේද මට නොදී කන්න 🐶🐶

මම - විකාර ? මට පිස්සු නෑ කොසු කන්න 😤😤

ඔල්මො - නෑ නෑ ඔයා ඒක අරන් , මට හොරෙන් කන්න ඔයා ඒක හංගල තියල. එක මගෙ ලොලිපොප් එක. මට ඒක ඕනාහ්හ් 🐶🐶

මම - විකාර නැතුව ඉන්නවා ඔල්මො ! 😕😕

ඔල්මො - හරි කමක් නෑ , ඔයාම කාගන්නකො මගෙ ලොලිපොප් එක , ඒක නෙමෙයි , මට අර ඔයාගෙ ලස්සන විස්කිරිඤ්ඤා එක දෙන්න බැරිද හප හප ඉන්න ! 🐶🐶🐶

මම - හයියෝ , මේ ඔල්මොරොන්දන් ඔලමොට්ටල බල්ලා ! ඒක විස්කිරිඤ්ඤයක් නෙමේ දෙයියනේ ඒක ලී හැන්දක් 😭😭😭😭😭



No comments:

Post a Comment