Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මෝ 03 
🐈🐕🐈🐕🐈🐕

මම - යසයි ගෑණු ළමයෙක් නිදා ඉන්න හැටි ! නැගිටින්න මෙස්සි ගිහින් මූණ හෝදගන්න ! 🙄

මෙස්සි - කරුණාකරල ඔයා යන අතක යනවද මට නිදාගන්න දීල 😾😾

මම - දැං වෙලාව කීයයි කියලද හිතේ ? දැං මහ දවල් 😕

මෙස්සි - ඉතින් මට මොකද ? අර යස්ස බලු නැට්ටා , මොකද්ද ඔයාල ඌට දාපු නම , හුහ්හ් ! ඔල්මෝ.. හරියට නිකං ඔල්මොරොන්දන් වගේ , කමක් නෑ ඌට කොහොමත් පිස්සු ! මොකද්ද මං කියන්න ගියේඅර ඔලමොට්ටල ඔල්මෝ , රෑ තිස්සෙ අඬනව ! මට නින්දක් නෑ උගෙ සද්දෙට 😿😿

මම - දෙයියනේ මෙස්සි එයා පොඩි බබෙක්. බබාල අඬනව ! ☺️☺️

මෙස්සි - ඒක යසයි
හරියටම රෑ 12 යි මං අගේ ඇති හීනයක් බල බල හිටියේ. මේ ඔලමොට්ටලයා මර හඬ දීලා අඬන්න ගත්තා. මගෙ නින්ද කැලේ , ඊගාවට ආය මම නින්ද පටන් අරන් දෙයියනේ කියල දෙවනි හීනෙ බලනකොට මෙන්න මේ මෝඩ බලු නැට්ටා ආය අඬනව , එතකොට පාන්දර 2 යි , ඔයා විස්වාස කරනවද ? මං වෙලාව බලාගෙනමයි හිටියෙ හරියටම පැයක් ඇඬුවා ලොකු සර් වඩාගෙන උඩ පහල දුව දුව නලවනකල්ම , සමයං නෙ ඕවා , රට්ටු හිනස්සන වැඩ. බල්ලො නලෝනව කොල්ලො මදිවට 😼😼

මම - මෙස්සි ඔයාට මතකද ඔයාගෙ බබා කාලෙ , අර ඔයා යාන්තමට ඇස් ඇරගෙන ඤෑස්ස්ස් ඤෑස්ස්ස් ගගා අඬපු කාලෙ

මෙස්සි - ඔයා මොකටද දැං ඔය පරණ දේවල් හාරාවුස්සන්නෙ ? ඒවා අයිති අතීතෙට 😾😾 දැං මං ලස්සන පූස් කෙල්ලෙක් 😻

මම - දවසක ඔල්මොත්.... 

මෙස්සි - නෑ ඔල්මො ලස්සන බලු කොල්ලෙක් වෙන්නෑ එයා බලු මෝඩයෙක්. මට එයා එක්ක කතාවක් නෑ. මම නිදාගන්නව ඔයා ගිහින් ඔයාගෙ වැඩක් බලාගන්න ! 😼

No comments:

Post a Comment