Tuesday 27 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 18 

🐕🐈🐕🐈🐕🐈


මම  - මොකෝ ඔතන 🤔

මෙස්සි - වැඩක් නෑ අනේ ! මං මේ ඔයා ෆ්‍රී නං පොඩි කතාවක් දාන්න ආවෙ ! 😻

මම - අනේ එන්න ඇතුලට ඉතින් , ඇත්තටම මට ඔයාට වෙච්ච දේ ගැන කණගාටුයි මෙස්සි ! අපි වෙන හොඳ පූස් කොල්ලෙක් හොයමු ! 😭

මෙස්සි - අනේ අතෑරල දාන්න අනේ ! 😼මේ ගොං බල්ලට බය එකෙක්ගෙන් ඇති වැඩක් තියනවද  ? මේ පිස්සු ඔල්මොරොන්දන් බල්ලා වගේම ඇති ඌත් , ඔහොම එකෙක් එක්ක ගිහින් වැඩක් නෑ අනේ 😼! අනාගතේ අඳුරෙ , මටම පේනවනෙ අපේ ලොකු සර්ට වෙලා තියන වින්නැහිය ! 😸😸

මම - මොකක් ? 😕😕

මෙස්සි - නෑ නෑ මං නිකං කීවෙ 😸, මේ කෝ අනේ අර හිරු අක්කගෙ රියු බබා ! එයා තාම වයර් කනවද ? මං නං ඔහොම වැඩ කරේ නෑ නේද කාලෙ ? 😻

මම - නෑනෙ ! ඔයා වයර් කෑවෙ නෑ , ඒත් ඔයා ලැප් එකේ චූ කරා ! 😭😭

මෙස්සි - ඒක තනිකරම ඔයාගෙ වරද බබා 😼! ඔයා මොන එහෙකටද ස්ක්‍රීන් එකට කැලෑවක් දැම්මෙ. මං චූ කරේ කැලෑවට. 😸පස්සෙ ඔයා ඉහ අත බැඳගෙන මෙතන වැළලෙනකොටනෙ මම දන්නේ ඒක කැලෑවක් නෙමෙයි කියල ! 🙀අනික ඉතින් ඔයාගෙ කොල්ලත් වතාවත් අලි වතුර කෝප්පයක් හලලා ලැප්ටොප් එක හේදුවෙ ඔයාට ලේසි වෙන්න. එහෙවු එකේ ඔන්න ඕක අමතක කරල දාන්න ! 😸😸

මම - මෙස්සි ! ඔයාට උත්තර නම් තියනව නේ ඕන තරම් 😕😕

මෙස්සි - මේහ්හ් , ඒක නෙමේ ඔයාගෙ ඔය ෆේස්බුක් එකේ කොරියන් අය නැද්ද ? 😽

මම - ඇයි ? ඔයාට සුප් එකක් වෙන්න ඕනද ? එයාල පූසන්ව කනවලු 🙄

මෙස්සි - මගුළ ! 😾පූස් සුප් නෙමේ අනේ , මං මේ බැලුවෙ අර ඔල්මොරොන්දන් ඔලමොට්ටල පාණ්ඩු ඔල්මො කියන තකතීරු මැටි බල්ලව ගානකට දීල දාන්න 😻😻, මං එපෑ අනේ මගෙ දෑවැද්ද හදා ගන්න 😿




No comments:

Post a Comment